Windows වල 64 bit (x64) හා 32bit (x86) කියලා edition දෙකක් තියනවා. Windows XP, Vista හා 7 මෙහෙයුම් පද්ධති තුනටම මෙය වලංගුයි. Ubuntu ඇතුලු Linux වලටත් එය එසේමයි. ගොඩක් දෙනා දන්නා පරිදි මේ මෙහෙයුම් පද්ධති වර්ග දෙකේ වෙනස තමයි 64bit මෙහෙයුම් පද්ධති RAM 4gb හෝ ඊට වැඩි ප්‍රමාණයකට (32bit නම් 3.5gb maximum) සහය දැක්වීම.

තවත් තව වෙනස්කම් තියනවා. පොඩි අවුලකට තියෙන්නෙ පැරණි x86 ආකෘතියේ මෘදුකාංග x64 හි භාවිතා කිරීමට නොහැකි වීම. ගොඩක් tools අතහරින්න වෙන නිසා ඉතිං ටිකක් විතර හිතට අමාරුයි. පොතේ තියන හැටියට x86 හි 4gb වලට වැඩියෙන් භාවිතා කිරීමට නොහැකි වෙන්නේ physical limitation හින්දලු. ඒත් පොඩි සැක හිතෙන කාරණයකට තියෙන්නෙ Windows server 2003 හා 2008 මීට වැඩි ram ප්‍රමාණයකට සහය දක්වනවා. ඊයෙ රෑ කරපු පොඩි research එකකින් මම හොයාගත්තා Windows 7 සඳහා kernal patch එකක් මගින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා.
මේක russian site එකක්.
වැඩිදුර කියවීමට